ඩෙංගු හැදුණු භූමි සුව අතට හැරෙමින්
ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම දුටු භුමි ෆෙඩ්නිකාර් මේ දිනවල මුම්බායි හි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි. ඒ ඇයට ඩෙංගු වැළඳි තිබිම හේතුවෙනි. පසුගිය සති අන්තයේදී ඇය රෝහල් පරිශ්‍රයේ සිට සිය සමාජ පිටු හරහා ඡායාරූප කිහිපයක් තම රසික පිරිස් සමග බෙදාගෙන තිබුණි.
ඇය පවසන්නේ තමා අතිශය දුෂ්කර දින කිහිපයක් ගෙවා දැමු බවය. දින අටක කාලයක් ඩෙංගු වැළඳීම නිසාවෙන් තමන් ඇතුළු පවුලේ සියලු දෙනා පීඩා විඳි බවත්, තම රසිකයින් ඩෙංගු රෝගයෙන් ප්‍රවේශම් වෙන ලෙසත් භුමි වැඩිදුරටත් සිය රසික පිරිස් සමග සිය රෝගය පිළිබඳව තොරතුරු බෙදා හදාගෙන තිබුණි.