‘ටයිගර්’ රූපගත කිරිම් අතර කත්‍රිනා ඉන්දියාවට එයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රුසියාව, තුර්කිය, අබුඩාබි ඇතුළු රටවල් කිහිපයකම රූපගත කිරිම් සිදුවෙමින් පවති ‘ටයිගර්’ තුන්වැනි චිත්‍රපටයේ රූපගත කිරිම් අතරතුර සුරූපි නිළි කත්‍රිනා කයිෆ් නැවතත් ඉන්දියාවට පැමිණ ඇතැයි වාර්තා වෙයි. හදිසියේම ඇයගේ පැමිණිම බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණ අතර, සමහරුන් පවසා තිබුණේ ඇය ඉන්දියාවට පැමිණ ඇත්තේ විකී කෞශාල් සමගින් විවාහ ගිවිස ගැනීමට බවය.

කෙසේ වෙතත්, ඇය නැවතත් ඉන්දියාවට පැමිණ ඇත්තේ නෙවැම්බර් මාසයේදී ප්‍රදර්ශනය වීම සූදනම් කර ඇති රෝහිත් ෂෙට්ටිගේ ‘සූර්යවංශි’ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා එකතු විමටය. මෙම චිත්‍රපටයේ කත්‍රිනා සමගින් ආක්ෂේ කුමාර්, අජේ දේව්ගන්, රන්විර් සිං රංගනයෙන් දායක වෙයි.