ජවාන් අධ්යක්ෂක ඇට්ලි ඩන්කි ගැන කියූ කතාව
ඉන්දීය රුපියල් කෝටි 1000ක ආදායමක් උපයා ගැනීමට සමත් වූ ෂාරුක්ගේ ජවාන් චිත්රපටය අධ්යක්ෂණය කළ ඇට්ලේ කුමාර් මීට දින කිහිපයකටද පෙර දකුණු ඉන්දීය පුවත්පත් සාකච්ඡාවකට එක් වෙමින් පවසා තිබුණේ තම චිත්රපටය මෙසේ සාර්ථක වීම සිතා ගැනීමට නොහැකි බවය.
එමෙන්ම ඔහු පවසන්නේ මෙය ෂාරුක්ගේ වසර වන බවත්, එළැඹෙන දෙසැම්බරයේදී ප්රදර්ශනය කරන්නට සැළසුම් කර ඇති රාජ්කුමාර් හිරාණිගේ ඩන්කි මීට වඩා ඉහළ ආදායමක් උපයා ගන්නා බවට තමන් තුළ දැඩි විශ්වාසයක් පවතින බවය. එයද ඉන්දීය රුපියල් කෝටි 1000ක සිමාව පහසුවෙන් පසු කරනු ඇති බවද ඔහු මෙහිදි පවසා තිබුණි.