ජාන්විගේ පළමු දකුණු ඉන්දීය සිනමා නිර්මාණය
ජනප්‍රිය කොලිවුඩ් චිත්‍රපට රැසක්ම නිර්මාණය කළ ලිංගුසාමි මේ වනවිට සිය නව නිර්මාණය සඳහා සූදානම් වෙයි. ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන්නේ පයියා දෙවැනි කොටසයි. ඊට ඔහු මේ වනවිට යොදාගන්නට සැළසුම් කර ඇත්තේ ආර්යා හා බොලිවුඩ් යොවුන් නිළි ජාන්වී කපූර් දෙදෙනාය. මෙය ජාන්විගේ කුළුඳුල් දමිල සිනමා රංගනයද වීම විශේෂත්වයකි.
කාර්ති හා තමන්නා භාටියා පයියා පළමු චිත්‍රපටයේ රඟපෑ අතර, දෙවැනි චිත්‍රපටයට පළමු කතාවේ සම්බන්ධයක් නැති බව ලිංගුසාමි පවසයි. තවත් දින කිහිපයකින් පයියා දෙවැනි චිත්‍රපටයේ මුහුරත් උළෙල පැවැත්වීමට නියමිතව ඇත.