ජනප්‍රිය ගායකයා මරු තුරුළට යැවූ මැරවරයින්ගේ ඊළඟ ඉලක්කය සල්මන්?
බොලිවුඩ් පුරවරයට පිස්සුවෙන් වගේ ආදරය කරන අයට සල්මන් ඛාන් කියන්නේ අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕනි කෙනෙක් නෙවෙයි. පසුගිය දවස්වලත් සල්මන් ගැන විටින් විට කතාබහ වුණා ඔබට අමතක නැතුව ඇති. මුලු බොලිවුඩයම ඇහැ යොමාගෙන සිටි මේ සද්දන්ත නළුවාට මරණ තර්ජන එල්ල වී ඇති බවට වන පුවතක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.
ඉන්දියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණයක් මුම්බායි පොලිසිය විසින් ආරම්භ කර ඇති බවයි.
බොලිවුඩ් නළු සල්මන්ට මෙන්ම ඔහුගේ පියා වන සලීම් ඛාන්ට තර්ජන සිදු කරමින් ලිපියක් ලැබී ඇති අතර, ඔවුන් මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුම්වත් කර තිබුණා.
2018 දී සල්මන්ට මෙවැනිම තර්ජනයක් එල්ල වූ අතර, එසේ තර්ජනය කරනු ලැබූවේ ලෝරන්ස් බිෂ්නෝයි නම් කල්ලියක් විසින්.
මෙම කල්ලිය විසින් පන්ජාබ් ගායන ශිල්පියෙකු වූ සිදුහල් මූස් වාලා ව ද වෙඩි තබා මරා දමා තිබුණා.
(මරා දැමුණු මූස් වාලාගේ සිරුරේ වෙඩි උණ්ඩ 19ක් තිබූ අතර, විනාඩි 15ක් මරණය හා සටන් කළ අවසානයේ ඔහු මරු වැළඳගෙන තිබුණා.)
සල්මන්ට මෙසේ ඔවුන් තර්ජනය කරන්නේ 1998 සිදුවූ කළු ගවයින් දඩයම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන බවටයි NDTV තොරතුරු වාර්තා කරන්නේ.
සල්මන් යනු මේ වන විට ඉන්දියාවේ නළුවන් අතරින් වැඩිම ආරක්ෂක භටයින් පිරිසක් රඳවාගෙන සිටින නළුවා වන අතර, ඔහුට එල්ල වූ මෙම තර්ජන එසේ ආරක්ෂාව තර කර ගැනීමට හේතුවක් වුණා.
By සෑම්