ජනප්‍රිය ගායිකා katy perryගේ, සහකරුගේ යට ඇඳුම් විලාසිතාවට දසතින් චෝදනා
katy perry කියන්නේ ඇගේ කට හඬින් මුළු ලෝකයම වසඟයට ගත් ගායිකාවක්. ඇයගේ සහකරු තමයි 44 හැවිරිදි Orlando Bloom. 2016 වර්ෂයේ ඉදලා මේ දෙන්නා ලඟින් ආශ්‍රය කරනවා.
36 හැවිරිදි katy ඔහු එක්ක ආදරයෙන් ජිවත් වෙනවා. එංගලන්ත ජාතිකයෙක් වූ Bloom ගැන මේ දිනවල බොහෝ දෙනෙක් කතා කරනවා. ඒ වගේම සමාජ මාධ්‍යවල එක එක විදිහට කතා පැතිරෙන්නේ. ඒකට හේතුව තමයි මේ දෙන්නා Bloom හා katy යාළුවො පිරිසක් එක්ක ක්ලබ් එකකට ගිහින් විනෝද වීම ගැන.
එම අවස්ථාවේ ඔහු අසෝබන විදිහට හැසිරුණා කියන එක තමයි කියන්නේ. ඔහු හැමෝම එක්ක උපරිම විනෝදය ගෙන තිබෙනවා. ඒ වගේම ඔහු හැද සිටි සුදු ෂර්ට් එකට හා කලිසමට යටින් යට ඇඳුමක අනුරුවක් පැළද තිබෙනවා. එය බැලු බැල්මට පෙනෙන්නේ ඔහු එම අවස්ථාවේ යට ඇඳුමකින් සිටි බවටයි. ඒ නිසා බොහෝ දෙනෙක් විවේචන එල්ල කර තිබෙනවා කොරෝනා වසංගතය අස්සේ මෙලෙස හැසිරීම අසෝබනයි කියලා. කොහොම නමුත් මේ ගැන නම් ඔවුන් ඒ හැටි හිතන්නේ නැහැ කියලත් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.