ජතින් සර්නා මානසික පීඩාව ජය ගත් හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සේකර්ඩ් ගේම්ස්, 83 වැනි චිත්‍රපටිවලින් බොහෝ ජනප්‍රිය වූ 37 හැවිරිදි ජතින් සර්නා පසුගිය කාලයේ මානසික අවපීඩනයට ලක් වූයේ ඔහු අපේක්ෂා කළ තරම් වැඩ නොලැබීම නිසාය. ඒ අතරම කොවිඩ් වසංගතයත් පැමිණි බැවින් ඔහුගේ තත්වය වඩාත් දරුණු අතට හැරුණේය. 

“හෙට දවස ගැන හිතහිතා කරදර වුණා මිසක් මම අද දවසේ ජීවත් වෙන එක නතර කරලා දැම්මා.. මට ලැබිලා තියෙන දේවල්වලට ස්තුතිවන්ත වෙනවා වෙනුවට කරන්න ඕන දේවල් ගැන හිතහිතා ලත වුණා.. අන්තිමට මම නතර වුණේ මානසික අවපීඩනයට පත් වෙලා.. ” ඔහු කීවේය. 
“මම හොඳ නළුවෙක් කියලා හැමෝම දන්නවා.. ඒත් ඇයි මට චිත්‍රපටි ලැබෙන්නෙ නැත්තෙ..?” ඔහු තමාගෙන්ම ඇසුවේය. 
නළුනිළියන් තෝරන අධ්‍යක්ෂවරුන්ට දුරකථන ඇමතුම් දී තමා තෝරා ගන්නේ නැද්දැයි විමසුවේය. 
තමා අවට කිසිවක්ම සිදු නොවී ලෝකය එක තැනම නතර වී තිබෙන්නාක් මෙන් දැනෙද්දී ඔහු බොහෝ දොම්නසට පත් වූයේය. තමා කිසිම කමකට නැති තැනැත්තෙකුයයි ඔහු සිතන්නට පටන් ගත්තේය. ඉන් ඔහුගේ මානසික සෞඛ්‍යය තදින්ම පිරිහිණි. 
“මම මිනිස්සු අතරේ ගැවසෙන්න කැමති කෙනෙක්.. ඒත් ඒ වෙනකොට මම හිටියෙ තනියමයි.. ඒ හින්දා තත්වය හුඟාක් දරුණු වුණා..” ජතින් කීවේය. 
ඔහු වෛද්‍ය ප්‍රතාකාර ලබා ගත්තේ නැත. එහෙත් ඔහුගේ තත්වය තේරුම් ගත් සමීප මිතුරන් ඔහුගේ හුදෙකලාව නැති කරන්නට එක්රොක් වූහ. ඔවුහු ඔහු කියන හැම දෙයකටම ඇහුම්කන් දී සිටියහ.
“යාළුවෝ මට හුඟාක් උදව් කෙරුවා.. ඉක්මනට හැමදේම හොඳ අතට වෙනස් වෙයි කියලා ඔවුන් මට ඒත්තු ගැන්නුවා.. අවුරුද්දක් විතර යනකොට මට පුළුවන් වුණා විවෘතව මගෙ දිහාවෙම බලන්න.. මම කල්පනා කළා ලෙඩරෝග හැදිලා, හදිසි අනතුරු වෙලා මිනිස්සු අඩු වයසින් මැරෙනවා, ඒත් ඇයි මම හේතුවක් නැතුව අකාලේ මැරෙන්න හදන්නෙ කියලා..  මම මගෙ පවුලේ අය ගැන හිතුවා.. ඊට පස්සෙ තමයි මට ශක්තිය ලැබුණේ ජීවිතේ තියෙන්නෙ විඳින්න මිසක් විඳවන්න නෙමෙයි කියලා අවබෝධ කර ගන්න.. ඊට පස්සෙ  මානසික අවපීඩනය දුරු වුණා.. දැන් මම සම්පූර්ණයෙන්ම සුව වෙලා..”
ඔහු කියන්නේය.