ජැකලින්ගෙන් පස්සේ නෝරා පතානිත් සුකේෂ්ගේ නඩුවට
ඉන්දීය රුපියල් කෝටි 200ක් මුදලක් විශුද්ධ කිරිමේ නඩුවේ වැරදකරු වී මේ වනවිට සිරගත ව සිටින සුකේෂ් චන්ද්‍රසේකර්ගේ නඩුවට මේ වනවිට ජැකලින් ෆර්නැන්ඩෙස්ට අමතරව සුරූපි නෝරා පතානිද සම්බන්ධ වි ඇත.
මුම්බායි පොලිසිය මේ සම්බන්ධව නෝරාගෙන් ප්‍රශ්න 50කට අධික ප්‍රමාණයක් අසා තිබෙන අතර, ඇය පවසන්නේ තමන් ජැකලින් සමග ලොකු සම්බන්ධයක් නැති බවත්, සුකේෂ්ගේ බිරිඳ ලීනා පවුලෝස් සමගින් යම් සම්බන්ධකමක් පසුගිය කාලයේ පැවැත්වූ බවය.
එමෙන්ම ඇය තමන්ට BMW මෝටර් රථයක්ද, අලුත්ම අයිෆෝන් දුරකතනයක්ද විටෙන් විට තැගි දුන් බව නෝරා මෙහිදි පොලිසිය කළ ප්‍රශ්න කිරීමකදී පවසා ඇත. එමෙන්ම පුණ්‍ය කටයුතු කිහිපයක් සඳහා සුකේෂ් පවුල ආධාර කළ බවද පසුව පවසා තිබුණි.