ජැකලින්ගේ රුපියල් කෝටි හතක් රාජසන්තක කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුකේෂ් චන්ද්‍රසේකර් නමැති පාතාල සාමාජිකයෙකු සමග සමිප සම්බන්ධතාවයක් පැවැත්වූ බොලිවුඩ් සිනමා නිළි ජැකලින් ෆර්නැන්ඩෙස් සතුව තිබු ඉන්දීය රුපියල් කෝටි හතකට වඩා වැඩි මුදලක් රාජසන්තක කර ඇතැයි වාර්තා වෙයි.

සුකේෂ් චන්ද්‍රසේකර්ගේ කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුවේ නවතම විමර්ශන කිරිම්වලට අනුව ජැකලින්ගේ මෙසේ ස්ථාවර තැන්පතු මුදලක් රාජසනත්ක කිරිමට පියවරගෙන ඇත. ජැකලින්ට හා ඇගේ පවුලේ සාමාජිකයන්ට සුකේෂ්ගෙන් මිල අධික තැගි ලැබි ඇති අතර, මෙය වැඩිදුරටත් විභාග ගත කිරිම සඳහා ජැකලින්ගෙන් පසුව ප්‍රශ්න කිරිමට නියමිත බවද සඳහන් වෙයි.