ජැකලින් සම්බන්ධ නඩුව දෙසැම්බර් 12 වැනිදා දක්වා කල් තබයි
සිරගත කර සිටින සුකේෂ් චන්ද්රශේකර් සම්බන්ධ රුපියල් කෝටි 200ක වංචා නඩුවට අදාලව වැදගත් තොරතුරු කිහිපයක් ඉදිරිපත් කිරීමෙන් පසු බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ගෙන් පසුගිය සති අන්තයේදි දිල්ලි පොලිසියේ ආර්ථික අපරාධ අංශය ප්රකාශයක් සටහන් කර ගෙන ඇත. මේ වනවිට ඇප මත නිදහස්ව සිටින ජැකලින් නැවතත් දෙසැම්බර් 12 වැනිදා මෙම නඩුව වෙනුවෙන් උසාවියේ පෙනී සිටිමට නියෝග ලබාදී තිබේ.
වාර්තා වන අන්දමට ජැකලින් හා නේරාට අමතරව තවත් බොලිවුඩ් සිනමා තරු විශාල පිරිසක් මෙම නඩුවට සම්බන්ධ වී සිටියි. නිල මූලාශ්රවලට අනුව, චන්ද්රශේකර් විවිධ නිරූපිකාවන් සහ බොලිවුඩ් ප්රසිද්ධ පුද්ගලයින් සඳහා රුපියල් කෝටි 20 ක් පමණ වියදම් කර ඇත. කිහිප දෙනෙක් ඔහුගෙන් තෑගි ලබා ගැනීම ප්රතික්ෂේප කර තිබුණ බවද සඳහන් වෙයි.