චිත්‍රපට ප්‍රවර්ධන කටයුත්තකදී කිනු රිචිස්ට මංගල යෝජනාවක්

  • 24-04-2023
  • Views 99

මේ දිනවල ජනප්‍රිය හොලිවුඩ් සිනමා නළු කිනු රිවිස් දකින ජෝන් වික් කැප්චර් 4 චිත්‍රපටයේ මංගල දර්ශනය මීට දින කිහිපයකට පෙර ඇමෙරිකාවේ ඔස්ටන්හි පැවතුණි. චිත්‍රපටය ආරම්භ වීමට පෙර චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන කිනු මෙන්ම එහි අධ්‍යක්ෂක චැඩ් ස්ටැහෙල්ස්කි ප්‍රධාන පීඨයට එකතුවෙමින් රසිකයින්ගේ ප්‍රශ්න කිහිපයකට ප්‍රතිචාර දක්වන්නට එකතුවීමද කැපී පෙනුණි.

හූ හා අත්පොළසන් හඬ මධ්‍යයේ වේදිකාවට ගොඩ වූ කිනුට හදිසියේම මෙහිදි අකරතැබ්බයකට මුහුණපාන්නට සිදුවිය. ඒ පසුපෙළ සිටි 58 වැනි වියෙහි පසුවන කාන්තාවක් මම ඔබ විවාහ කරගන්න කැමතියි යන්න මහා හඬින් කැගස්සනට විය. කිනු ඊට ප්‍රතිචාර දක්වමින් පවා තිබුණේ ඔබ කැමතිද පරිස්ම්වන්න යන්න පවසමිනි. ඊට ශාලාවේ සිට සියලු දෙනාම මහ හඩින් සිනාසෙන්නට වූ අතර, චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු ඉන් සුපුදුරු පරිදි ආරම්භ වි ඇත.