චිත්‍රංගදාට අතීතය මතක් වෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

යේ සාලි සින්දගී, දේශි බෝයිස්, ඉන්කාර්, අයි මී ඕර් මේන් වැනි චිත්‍රපටි තුළින් රසික හදවත් දිනා ගත් චිත්‍රංගදා ඉපදුණේ රාජස්තාන් ප්‍රාන්තයේ ජෝද්පූර්හිය. ඇගේ පියා හමුදා නිලධාරියෙකි. ඔහු රටේ පළාතෙන් පළාතට සේවය සඳහා යද්දී පවුලේ අයටත් ඔහු සමඟ යන්නට සිදු වූයේය. එම නිසා රටේ බොහෝ පළාත්වල ජීවිතය ගෙවන්නට ඇයට හැකි විණි. 

“මායි මගේ මල්ලියි හදාවඩා ගැනීමේ ගෞරවය තනිකරම හිමි වෙන්න ඕන මගෙ අම්මට.. තාත්තා හැම වෙලාවෙම කාර්යබහුලයි.. අපි දෙන්නා ගැන බලන්න ඔහුට වෙලාවක් තිබ්බෙම නැති තරම්.. ඒ වගේම නිතරනිතර ගෙවල් මාරු කරන එක ලොකු කරදරයක් වුණත් අම්මා ඒක අපිට දැනෙන්න ඇරියෙ නෑ.. අනිත් හමුදා බිරියන් වගේ මැසිවිලි කීවෙත් නෑ.. ඇය පෙන්නුවේ ඒක හරි ලේසි දෙයක් වගේ.. වෙන පළාතක පදිංචියට යන්න සිදු වුණ ගමන්ම අම්මා ගෙදර බඩු මුට්ටු පෙට්ටිවල අහුරන්න පටන් ගන්නවා.. ඇය කුස්සිය අස් කර ගන්නෙ අන්තිමට.. අලුත් ගෙදර පදිංචියට ගිය ගමන්ම ඉස්සර වෙලාම සකස් කර ගන්නෙ කුස්සිය.. සමහර වෙලාවට ලී බඩු ගේන්න වෙන්නෙ අන්තිමට.. අම්මා කරන්නෙ තවමත් අස් කරලා නැති බඩු පෙට්ටි උඩ ඇඳ ඇතිරිලි, කොට්ට දාලා සෝපාවක් හදන එක..”
චිත්‍රාංගදා පැවසුවාය. 

කොවිඞ් හේතුවෙන් චිත්‍රපටි රූගත කිරීම් නැවතී ඇති හෙයින් ඇය මේ දිනවල කල් ගෙවන්නේ නිවසේමය. ඇයට අතීතය සිහිපත් වෙන්නට එය ද හේතුවක් වෙන්නට ඇත. සිය සුරතල් බල්ලා සමඟ ක්‍රිඩා කිරීම කාන්සිය, මහන්සිය  තුරන් කරන්නට හොඳම මඟක් බැව් ඇය පවසන්නීය. 

නිරූපිකාවක ලෙසින් ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වන විට චිත්‍රපටි 15 ක පමණ රඟ පා තිබේ. ඇය අවසානයට දකින්නට ලැබුණේ ඝූම්කේතු චිත්‍රපටියේය. 



More In Hot Story