ගෝල්ඩන් ග්ලොබි සම්මාන උළලේදී වැඩි සම්මාන ප්‍රමාණයක් ඕපන්හයිමර් දිනයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඔස්කාර් සිනමා සම්මාන උළෙලට පමණක් දෙවැනි වන ගෝල්ඩන් ග්ලොබි සිනමා සම්මාන උළෙල පසුගියදා ඇමෙරිකාවේ කැලීෆෝනියාවේදී උත්සවශ්‍රියෙන් පවත්වන්නට විය. වාර්ෂිකව පවත්වන මෙම සිනමා සම්මාන උළෙල මෙවර පවත්වනු ලැබුවේ අසූ එක් වැනි වතාවට වීම විශේෂත්වයකි. එමෙන්ම ලෝ ප්‍රකට ජනප්‍රිය සිනමා තරු රැසක්ද මීට සහභාගී වී සිටිනුද දක්නට ලැබුණි. 

මෙවර පැවති ගෝල්ඩන් ග්ලොබි සම්මාන උළලේදී වැඩිම අවධානයක් දිනු චිත්‍රපටය බවට පත් වූයේ ක්‍රිස්ටෝපර් නෙලන්ගේ ඕපන්හයිමර් චිත්‍රපටයයි. එය ප්‍රධාන සම්මාන ඇතුළුව සම්මාන අටක් සඳහා නිර්දේශ වූ අතර, ඉන් සම්මාන පහක් ඔවුන් සතු කරගත්තේය. කෙසේ වෙතත් මෙවර සම්මාන උළලේදී නිර්දේශයන් නමයකට එක් වූ බාර්බි චිත්‍රපටය සම්මාන දෙකක් පමණක් දිනාගනිමින් සැහිමට පත්වන්නට සිදුවීම කැපී පෙනුණි. 

මෙවර කතාමය අංශයේ හොඳම චිත්‍රපටය බවට සම්මාන දිනාගත්තේ ඕපන්හයිමර් චිත්‍රපටයයි. සංගීතමය හා හාස්‍යමය අංශයේ හොඳම චිත්‍රපටය වූයේ පූර් තිංග්ස් චිත්‍රපටයයි. කවුරුත් අනුමාන කළ පරිද්දෙන් මෙවර හොඳම නළුවා වූයේ ඕපන්හයිමර් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ කොලින් මර්ෆිය. හොඳම නිළිය බවට පත් වූයේ කීලර් ඔෆ් ද ෆ්ලවර් මූන් චිත්‍රපටයේ රඟපෑ ලීලි ගෝල්ඩ්ස්ටෝන්ය. සංගීතමය හා හාස්‍යමය අංශයේ හොඳම නළුවා හා නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ පෝල් ජිමාති (ද හෝල්ඩෝවර්ස්) හා එමා ස්ටෝන් (බෙලා බැක්ස්ටර්) දෙදෙනාය. 

ඕපන්හයිමර් චිත්‍රපටයේ රඟපෑ රොබට් ඩවුනි හා ද හෝල්ඩෝවර්ස් චිත්‍රපටයේ රඟපෑ ජෝ රැන්ඩොල්ෆ් හොඳම සහය නළුවා හා නිළිය ලෙස සම්මාන දිනාගත්හ. හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරයා බවට මෙවර පත් ඕපන්හයිමර්  චිත්‍රපටය අධ්‍යකෂණය කළ ක්‍රිස්ටෝපර් නෙලන්ය. හොදම ත්‍රිමාණ චිත්‍රපටය ලෙස ජපානයේ නිර්මාණය වූ ද බෝයි ඇන්ඩ් ද හෙරොන් චිත්‍රපටයද හොඳම විදෙස් චිත්‍රපටය ලෙස ප්‍රංශයේ Anatomy of a Fall  චිත්‍රපටය සම්මාන දිනාගත්තේය. ලෝකයේම අවධානය දිනාගනිමින් ඉහළම ආදායමක් දිනූ චිත්‍රපටය ලෙස බාර්බි චිත්‍රපටය සම්මානයට පාත්‍ර විය. 

බුද්ධික සේනාධීර