ග්‍රේබ්යෙලා අර්ජූන්ව දෙවැනි වරටත් පියෙක් කරයි

  • 11-05-2023
  • Views 140

ජනප්‍රිය සිනමා නළු අර්ජූන් රම්පාල් දෙවැනි වතාවටත් පියෙකු වී ඇත. පසුගිය සති අන්තයේදී අර්ජූන් රම්පාල්ගේ පෙම්වතිය වන දකුණු අප්‍රිකානු මෝස්තර නිරූපිකා ගේබ්‍රියෙලා ඩිමෙට්‍රියාඩ්ස් සිය දෙවන දරුවා පිළිගැනීමට සූදානම්ව සිටින මාතෘ පින්තූරයක් සමාජ මාධ්‍යවල මුදාහැර තිබේ.

එමෙන්ම ග්‍රේබ්යෙලා සිය පෞද්ගලික ඉන්ස්ටර්ග්‍රැම් ගිණුම හරහා තම රසික පිරිස් දැනුමත් කර තිබුණේ තමන් මේ වනවිට දෙවැනි වතාවටත් ගැබිණියක්ව සිටින බවය. වෛද්‍ය වාර්තාවලට අනුව ග්‍රේබ්යෙලා සිය දෙවැනි දරුවා බිහි කිරීමට සූදානම්ව ඇත්තේ එළැඹෙන සැප්තැම්බර්යේදී බව සඳහන් වෙයි.