‘ගොපි කිෂන්’ චිත්‍රපටයට අහන්ව ගන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

1994 වසරේ ප්‍රදර්ශනය වූ ‘ගොපි කිශන්’ චිත්‍රපටයේ නව නිර්මාණයක් කරනවා නම් ඊට තම පුත් අහන් ෂෙට්ටිව ගන්නා ලෙස එම චිත්‍රපටයේ ද්විත්ව චරිත රඟපෑ සුනිල් ෂෙට්ටි පවසා ඇත. මේ වනවිට ‘ගොපි කිෂන්’ චිත්‍රපටයේ නව නිර්මාණයක් කරන්නට සූදානම් වන බවට රාවයක් පැතිර යන අතර, ඊට ප්‍රතිචාර දක්වමින් සුනිල් ෂෙට්ටි මේ බව පවසා තිබුණ බව දැන ගැනීමට ලැබේ.

 60 වැනි වියෙහි පසුවන සුනිල් ෂෙට්ට පවසන්නේ තම පුත්‍රයාට ද්විත්ව චරිතයක් කිරිමට ඉතා හොඳ හැකියාවක් පවතින් බවත් ‘ගොපි කිෂන්’ ඊට සුදුසුම චිත්‍රපටය බවත් ඔහු පවසා ඇත. ‘ගොපි කිෂන්’ චිත්‍රපටයේ සුනිල් සමගින් කරිෂ්මා කපුර් හා ශිල්පා ශිරෝද්කාර් රංගනයෙන් දායක විය.