ගනේෂ් ආචාරියාට සම්මානයක් ලැබෙන ලකුණු
හොඳම නර්තන අධ්‍යක්ෂවරයා ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මාන කිහිපයක්ම දිනාගත් ගනේෂ් ආචාරියා මෙවර තෙවතාවක් හොඳම නර්තන අධ්‍යක්වරයාට හිමි සම්මානය සඳහා නිර්දේශ වී ඇත. ඒ රොකී අවර් රාණි ප්‍රේම් කහානි, ඩුන්කි හා සාරා හතිකේ සාරා බච්කේ චිත්‍රපට සඳහාය.
ගනේෂ් අවසන් වරට ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලක හොඳම නර්තන අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය දිනාගෙන ඇත්තේ 2007 වසරේදීය. ඒ ඕම්කාරා චිත්‍රපටය වෙනුවෙන් කළ නර්තන අංග වෙනුවෙනි.