ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් රෝහල් ගත කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

භාරතයේ ගීත කෝකිලාව ලෙස අදටද ප්‍රසිද්ධව සිටින 92 වැනි වියෙහි පසුවන ලතා මංගේෂ්කාර් මීට දින කිහිපයකට පෙර මුම්බායි බිච් කැන්ඩි පෞද්ගලික රෝහලට ඇතුළත් කරනු ලැබීය. කෙසේ වෙතත්, පසුගිය සති අන්තය වනවිට රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ ඇයට මේ වනවිට කොවිඩ් රෝගය ආසාධනය වී ඇති බවය.

මීට පෙරද අවස්ථා කිහිපයකදීම ලතා විවිධ රෝගයන් හේතු කොට ගෙන රෝහල්ගත කර තිබුණ අතර, මෙවරද ඇයගේ හෘදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් රෝහල් ගත කල බව සඳහන් වෙයි. එහෙත්, පසුව කළ PCR පරික්ෂණවලදී හෙළිවුයේ ඇයට කොවිඩ් අසාධනය වී ඇති බවය.