ගොඩනැගිල්ලකින් පැන දිවි අහිමිකරගත් අමෙරිකානු හිටපු රූ රැජින
අමෙරිකාවේ හිටපු රූ රැජිනක්, නීතිඥවරියක් සහ රූපවාහිනී පෞරුෂයක් වන චෙස්ලි ක්‍රිස්ට් (Cheslie Kryst) ඉරිදා උදෑසන මෑන්හැටන් හි මහල් ගොඩනැගිල්ලකින් පැනීමෙන් මියගොස් තිබෙනවා.
ඇයගේ මරණය සිදුවන විට වයස අවුරුදු 30 කි.
නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව (NYPD) ඉරිදා සවස ද හිල් හිදී ඇයගේ මරණය තහවුරු කළේය.
වොෂින්ටන් පෝස්ට් වෙත ප්‍රකාශයක් කරමින්, ක්‍රිස්ට්ගේ පවුල පැවසුවේ “මහත් ශෝකයෙන්, අපි අපගේ ආදරණීය චෙස්ලිගේ වියෝව බෙදා ගන්නෙමු. ඇගේ විශිෂ්ට ආලෝකය ඇගේ සුන්දරත්වයෙන් සහ ශක්තිය ලොව පුරා සිටින අන් අයව දිරිමත් කළ එකක් විය. ඇය හැමට සැලකිල්ලක් දැක්වූවාය, ඇය හැමට ආදරය කළාය, ඇය සිනාසුණාය, ඇය බැබළුණාය,” ලෙසිනි.
මෙම දිවිනසාගැනීමට නිශ්චිත හේතුව තවම පැහැදිලි නැත.
නමුත් ඇය මානසික ගැටලුවලට මැදිව සිට ප්‍රතිකාර ලැබූ තැනැත්තියක බවට විදෙස් වාර්තා සඳහන් කර තිබේ.
2019 ඔක්තෝම්බර් මාසයේදී, ක්‍රිස්ට් ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් ෆේස්බුක් හි කතා කරමින්, ඇය ආතතියට මුහුණ දුන් ආකාරය පිළිබඳ උපදෙස් ඉදිරිපත් කර තිබුණි.
“මගේ මානසික සෞඛ්‍යය පවත්වා ගැනීමට මම බොහෝ දේ කරනවා, මම කළ වැදගත්ම දෙය නම් උපදේශිකාව සමඟ කතා කිරීමයි. ඇය සමඟ කතා කිරීම ඇත්තෙන්ම පහසුය. විශේෂයෙන්ම මම දුකෙන් හෝ සතුටින් හෝ කාර්යබහුල මාසයක් මට ඉදිරියෙන් ඇත්නම් ඇය මට හොඳ උපාය මාර්ග ලබා දෙයි. මම මගේ උපදේශකයා සමඟ කතා නොකරන විට, මම සෑම දිනකම අවසානයේ ඇදවැටෙනවා. කම්මැලි වී කාලය ගත කරමි…. “
ක්‍රිස්ට් 2019 Miss USA තරඟාවලිය ජයග්‍රහණය කළේ කළු ජාතික කාන්තාවන්ට ප්‍රධාන තරඟ 05ක ජය හිමි වූ වසරක දී ය.
ක්‍රිස්ට් වේක් ෆොරස්ට් විශ්වවිද්‍යාලයෙන් නීතිය සහ ව්‍යාපාර පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ඇති අතර තරඟ වේදිකාවට පිවිසීමට පෙර උතුරු කැරොලිනාවේ නීතිඥවරියක ලෙස සේවය කළාය.
ඇය ජවන හා පිටිය මලල ක්‍රීඩිකාවකි.