කිහිපවරක් ප්රදර්ශනය අවලංගු කළ ආකිගේ ‘සූර්යවංශි’
පසුගිය වසරේ ප්රදර්ශනය කිරිමට නියමිතව තිබු රෝහිත් ෂෙට්ටිගේ ‘සූර්යවංශි’ චිත්රපටය එළැඹෙන නොවැම්බර් 05 වැනිදා ප්රදර්ශනය කිරීමට සූදානම් කර ඇත. කෙසේ වෙතත්, චිත්රපට නිෂ්පාදකවරුන් වූ කරන් ජෝහර්, අපූර්වා මෙහෙතා, අරූන් භාටියා පිරිස මෙම චිත්රපටය 2022 වසරේ ප්රදර්ශනය කිරිමට කළින් සැළසුම් කර තිබුණි.
නමුත්, චිත්රපටයේ ප්රධාන චරිතයට පණ පොවන ආක්ෂේ කුමාර්ගේ ඉල්ලීමක් මත මෙම චිත්රපටය නොවැම්බර් මාසයේදී ප්රදර්ශනය කිරිමට පසුව ඔවුන් එකඟ වි ඇත. ආක්ෂේ පවසන්නේ ඉන්දියාවේ බොහෝ නගරවල මේ වනවිට සිනමා ශාලා විවෘතව පවතින නිසාවෙන් ‘සූර්යවංශි’ චිත්රපටයද ප්රදර්ශනය කිරිමට කටයුතු කිරිමට හොඳ තිරණයක් බවය.