කුෂිගේ අලුත්ම පොටෝ ෂූට් එක
නිරන්තරයෙන් කතාබහට ලක්වන තවත් කපූර් පවුලේ සාමාජිකාවක් වන කුෂී කපූර්ගේ අලුත්ම ඡායාරූප ගත කිරිමක් පසුගියදා සිදු කර තිබුණි. ඒ ප්රකට ඉන්දීය කාන්තාවන් සඳහා වෙන්වූ සඟරාවක් වෙනුවෙන් බව සඳහන් වෙයි.
ඉදිරියේදී බොලිවුඩ් සිනමාවට පිවිසෙන්නට සූදානමින් සිටින කුෂි මැත කලයේ වඩාත් කතාබහට ලක්වූයේ විවිධ ඇඳුම් විලාසිතාවලින් ඇය පෙනී සිටි ඡායාරූප නිසාවෙනි. මෙම ඡායාරූපවලට පෙර ඇය සිය වැඩිමහල් සහෝදරිය වූ ජාන්වි සමගින් මුම්බායි වෙරළේදී ගත් බිකිණි ඡායාරූප කිහිපයක්ද ප්රසිද්ධ කර තිබුණි.