‘කොවිඩ්’ සුවවී නැවතත් වැඩට එන ස්වෙරා
මීට මාස කිහිපයකට පෙර ‘කොවිඩ්’ රෝගයෙන් පිඩා විඳි ජනප්රිය බොලිවුඩ් සිනමා නිලි ස්වෙරා බාස්කර් නැවතත් සිය සුපුරුදු සිනමා කටයුතු සඳහා එක්වූ ඇතැයි වාර්තා වෙයි. ස්වෙරා ‘කොවිඩ්’ රෝගයෙන් දරුණු ලෙස පීඩා විඳි ආසාධිතයෙකි.
ඇය පවසන්නේ සති කිහිපයක් යනතුරු ඇයගේ සිරුරට දැඩි තෙහෙට්ටුගතියක් තිබුණ බවත් ‘කොවිඩ්’ වැළඳී දින කිහිපයක් තුළදි ඇති වූ ආහර අරුචිය තවමත් තමන් තුළින් පහව නොගිය බවත් තවමත් තමන්ආහරයට ගන්නා කැම වල රසය අඩු බවත් ඇය පවසා තිබේ. කෙසේ වෙතත්, දෙවියන්ගේ කරුණාවෙන් තමන්ට මේ වනවිට මෙම රෝගයෙන් පූර්ණ සුවය ලබන්නට වසනාව උදාවී ඇති බව ඇය පවසයි.