‘කොවිඩ්’ වසංගත තත්ත්වය මැද සෝනු මුදල් වංචාවක් කළාද
වසරක කාලයක සිට ‘කොවිඩ්’ වසංගත තත්ත්වය නිසවෙන් අසරණව සිටි ඉන්දීය ජනතාවට හැකි උපරිමයෙන් උදව් උපකාර කළා සිනමා නළු සෝනූ සෝඩි මේ වනවිට බදු වංචාවකට හසුව ඇතැයි වාර්තා වේ. ඒ ඔහු පසුගිය වසරක කාලය තුළදී ඉන්දීය රජයට ගෙවිමට නියමිත බදු මුදල් පැහැර හැරිම හේතුවෙනි.
එමෙන්ම විදේශිය මෙන්ම ඉන්දීය ජනයා ආධාර කළ ඔහුගේ ‘කොවිඩ්’ අරමුදලට කෝටි 19ක් එකතු වුවද ඉන් කෝටි 02ක් මුදලක් පමණක් ඔහු විසින් අසරණ ජනතාවට වියදම් කර තිබෙන බව මෙම තොරතුරු වැඩිදුරටත් සඳහන් වෙයි. කෙසේ වෙතත්, ඔහු පවසන්නේ තම කිර්තිනාමයට මේ හරහා දැඩි කැළලක් එල්ල වී ඇති බවය.