කාලය හා මුදල් ඉතුරු කරගන්න හදන ෂාරුක් ඛාන්
2018 වසරේ ආනන්ද් එල් රායි අධ්යක්ෂණය කළ සීරේ චිත්රපටයෙන් පසුව මේ දක්වා බොලිවුඩ් චිත්රපටයක දකින්නට නොලැබුණ සුපිරි සිනමා නළු ෂාරුක් ඛාන් මේ වසරේදී චිත්රපට කිහිපයක් හරහා නැවත වරක් බොලිවුඩ් සිනමාවට පිවිසිමේ සූදානමකින් සිටියි.
එමෙන්ම මේ දිනවල අතිශය කාර්යබහුල නළුවෙකු බවට පත්ව සිටින ෂාරුක් චිත්රපට දෙකක රූපගත කිරිම් එකදිගට සිදු කරමින් සිටින බව සඳහන් වෙයි. ඒ ඇට්ලි කුමාර්ගේ අලුත්ම චිත්රපටයේ හා රාජ්කුමාර් හිරුණිගේ ඩන්කි චිත්රපටයේය. ෂාරුක් සිය කාලය ඉතුරු කරගැනිමේ අරමුණින් මෙම රූපගත කිරිම් ස්ථාන දෙකම කිලෝ මිටර් කිහිපයක කවයක් තුළද සිදු කරමින්ද සිටියි.