ක්ලෝයි කර්ඩයිෂන් දෙවැනි වරටත් මව් පදවිය ලබයි
ජනප්‍රිය කර්ඩයිෂන් පවුලේ සාමාජිකාවක් වන ක්ලෝයි කර්ඩයිෂන් දෙවැනි වතාවටත් මව් පදවිය ලැබිමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි. දැනට සිවු හැවිරිදි ගැහැණු දරුවෙකුගේ මවක්ද වන ක්ලෝයි මීට දින කිහිපයකට පෙර තමන් දෙවැනි වරටත් ගැබිණියක්ව ඇති පුවත ප්‍රසිද්ධ කරනු ලැබීය.
මෙම දෙවැනි දරුවාගේ පියා ජනප්‍රිය පැසිපන්දු ක්‍රීඩක ට්‍රිස්ටන් තොමස්ගේ වෙන අතර, ක්ලෝයි හා ඔහු අතර මේ වනවිට සම්බන්ධයක් නොපවතින බවටද තොරතුරු ලැබෙයි. ක්ලෝයි පවුලේ අලුත්ම සාමාජිකයා එළැඹෙන නොවැම්බර් මාසයේදී බිහි වීමට නියමිතව ඇති අතර, ඒ බව නිල වශයෙන් වෛද්‍ය වාර්තාවලින් තහවුරු විද තිබේ.