කාලේකට පස්සේ සානාට අලුත් චිත්‍රපටයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දංගල් චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයින් ආදරය කළ සිනමා තරුවක් වූ ෆාතිමා සානා ෂෙයික්ට මේ වනවිට ජනප්‍රිය චිත්‍රපටයක නව නිර්මාණයක් සඳහා ආරාධනා ලැබි තිබෙන බව සඳහන් වෙයි. දැනට ලැබෙන තොරතුරුවලට අනුව මුකේෂ් භාත් විසින් නිෂ්පාදනය කරන ආෂික්‍යූ තුන්වැනි චිත්‍රපටයට ඇයව තෝරාගෙන ඇති බවය.

අනුරාග් බාසු විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටයට මුලින් යෝජනා වී තිබුණේ කත්‍රිනා කයිෆ් හා දිපීකා පදුකෝන්ගේ නම්ය. නමුත්, පසුව සානාගේ නම ඊට යෝජනා වී ඇත. කෙසේ වෙතත්, මුකේෂ් භාත් සමග කළ කතාබහකදී ඔහු පවසා තිබුණේ සානාගේ නම් මෙම චිත්‍රපටයට ඇතුළත් වුයේ කෙසේදැයි තමාද නොදන්නා බවය.