කලකට පස්සේ රම්‍යාට රාජිණිකාන්ත් චිත්‍රපටයකදී මුණ ගැහෙයි
ආදායම් උපයා ගැනීම අතින් අදටද වාර්තා තබා තිබෙන ‘බාහුබලි’ චිත්‍රපටයේ ශිවගාමි දේවි චරිතය හරහා ලෝකයේම ජනප්‍රියත්වයට පත් රම්‍යා ක්‍රිෂ්ණන්ට කලකට පසුව සුපිරි දකුණු ඉන්දීය සිනමා නළු රාජිණිකාන්ත් සමගින් චිත්‍රපටයක රඟපෑමට අවස්ථාව හිමි කරගෙන ඇත.
ඒ රාජිණිගේ අලුත්ම චිත්‍රපටය වූ ‘ජේලර්’ චිත්‍රපටයේය. මීට දින කිහිපයකට පෙර මෙම චිත්‍රපටයට සම්බන්ධ වන නළුනිළියන් ප්‍රසිද්ධ කර අතර, රජිණිකාන්ත් සමගින් මෙහි ප්‍රධාන චරිතය රම්‍යාට ලැබි ඇත. ඔවුන් දෙදෙනා මීට පෙර දමිල චිත්‍රපට කිහිපයකම රඟපෑ අතර, ඉන් ‘පඩයප්පා’ බොහෝ සෙයින් රසික පිරිස් අතර ජනප්‍රිය විය.