කලකට පස්සේ රන්වීර් සිංට සම්මානයක්
දිපිකා පදුකෝන්ගේ සැමියා වූ සිනමා නළු රන්විර් සිංට මීට දින කිහිපයකට පෙර සම්මානයක් හිමි විය. ඒ ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් සිනමා සම්මාන උළලේදී හොඳම නළුවට හිමි සම්මානයයි.
රන්විර්ට මෙම සම්මානය හිමිවූයේ පසුගිය වසරේ තිරගත වූ ඉන්දීය හිටපු ක්‍රිකට් නායක කපිල් දේව්ගේ ජිවිත කතාව අලලා නිර්මාණය වූ ‘83’ චිත්‍රපටයේ කළ රංගනය උදෙසාය. මෙම සම්මාන උළලේ හොඳම නිළිය බවට පත් වූයේ ක්‍රිති ෂැනොන්ය.