කලකට පසුව හොඳම නළුවා සම්මානය රාජ්කුමාර්ට

  • 09-05-2023
  • Views 80

තාත්වික රංගනයක නිරත වන්නෙකු ලෙස බොලිවුඩය තුළ ප්‍රසිද්ධ රාජ්කුමාර් රාඕ මෙවර හොඳම නළුවාට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඔහු ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලක ප්‍රධාන සම්මාන දිනාගත්තේ සිව්වැනි වතාවටය.

මීට පෙර ඔහු 2014 වසරේ හොඳම නළුවා විචාරක (ෂාහිඩ්), 2018 වසරේ හොඳම සහය නළුවා (බර්ලි කී බර්ෆි),   එම වසරේම හොඳම නළුවා විචාරක (ට්‍රැප්ඩ්) සම්මාන දිනාගෙන තිබුණි. මෙවර ඔහු සමගින් අජේ දේව්ගන් (ඩ්‍රිර්ෂියාම් 2), අමිතාබ් බච්චන් (වූන්චායි), අනුපම් කේර් (ද කාශ්මිර් ෆයිල්ස්), රිතික් රෝෂන් (වික්‍රම් වෙදා), කාර්තික් ආර්යයන් (බූල් බුලයියා 2) හොඳම නළුවාට නිර්දේශ වි තිබුණි.