කලකට පසුව සිනමාවට එන ෂාරුක්ට, ආක්ෂේ හා ප්‍රභාස් අභියෝගයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වසර තුනකට පසුව බොලිවුඩ් චිත්‍රපටයකින් නැවතත් සිය ප්‍රේක්ෂකයින් හමුවීමට සූදානම් වන බොලිවුඩ් සුපිරි තරුව වූ ෂාරුක් ඛාන්ට මේ වනවිට අභියෝග කිහිපයකට මුහුණ දෙන්නට සිදුව ඇතැයි වාර්තා වෙයි. එනම් ෂාරුක්ගේ අලුත්ම චිත්‍රපටය වූ ‘පතන්’ එළිදක්වනදා ප්‍රභාස්ගේ ‘අධිපුරුෂ්’ චිත්‍රපටයද ප්‍රදර්ශනය කිරිමට සූදානම් කර තිබිමය.

ෂාරුක්ට ප්‍රභාස් ලොකු අභියෝගයක් නොවුණද මහරාෂ්ට් ප්‍රාන්තයේ සිනමාශාලා අගෝස්තු 11 වැනිදා විවෘත කිරිමත් සමග ආක්ෂේද සිය චිත්‍රපට එකිනෙක ප්‍රදර්ශනය කිරිමට දින ලබාදී ඇතැයි වාර්තා වෙයි. ඔහු හා භුමි ෆෙඩ්නෙකාර් රංගනයෙන් දායක වෙන ‘රක්ෂා බන්ධන’ චිත්‍රපටද ‘පතන්’ ප්‍රදර්ශනය වන දිනයේදි මේ වනවිට නිකුත් කිරිමට පියවර ගෙන ඇත. ඒ නිසාවෙන් කලකට පසුව සිනමාවට එන ෂාරුක්ට මේ වනවිට අභියෝග කිහිපයකටම මුහුණ දීමට සිදුව ඇත.