ක්‍රිස්ටීන් බර්ලින් සිනමා උළලේ විනිසුරු මඬුල්ලට
මේ වසරේ පැවති ඔස්කා සම්මාන උළලේදී ඩයනා කුමරියගේ ජීවිත කතාව පාදක කරගෙන නිර්මාණය වූ Spencer චිත්‍රපටය හරහා හොඳම නිළියට නිර්දේශ වූ ක්‍රිස්ටින් ස්ටුවර්ට් එළැඹෙන 2023 පෙබරවාරි 16 සහ 26 අතර කාලය තුළ ජර්මනියේ බර්ලින් නගරයේ පැවැත්වෙන Berlin Film Festival හි විනිසුරුවරියක් ලෙස කටයුතු කරන්නට අවස්ථාව ලැබි ඇත.
ඇය මෙවැනි ලොව ප්‍රධාන සිනමා උළෙලක විනිසුරු මඬුල්ලකට සම්බන්ධ වූ පළමු අවස්ථාව මෙය වන අතර එහි මුලීකත්වයද ඇයට හිමිව තිබීම විශේෂත්වයකි. ක්‍රිස්ටීන් Spencer චිත්‍රපටයෙන් පසුව කිසිදු චිත්‍රපටයක් සඳහා තවමත් එක් නොවූ බව සඳහන් වෙයි.