ක්රිස් එවන්ස් පරණ චරිතයකින් නැවත එයිද
‘කැප්ටන් ඇමෙරිකා’ ලෙස ලොවපුරා සිනමා ප්රේක්ෂකයින්ගේ ආදරය දිනගත් සුපිරි හොලිවුඩ් සිනමා නළු ක්රිස් එවන්ස් නැවතත් ‘කැප්ටන් ඇමෙරිකා’ චරිතයෙන් හමුනොවන බව පවසයි. ඔහු පවසන්නේ තමාට ‘මාවල්’ චිත්රපට සමාගමෙන් තවමත් එම චරිතය සඳහා එක්වීමට ආරාධනාවක් නොලැබුණ බවය.
ක්රිස් මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ තම ‘කැප්ටන් ඇමෙරිකා’ චරිතයට වඩා ‘ෆැන්ටාස්ටිස් ෆෝ’ චිත්රපටයේ කළ ජොනී ස්ටෝම්ගේ චරිතය නිරූපණය කරන්නට වැඩි කැමැත්තක් දක්වන බවය. තමා වයසින් වැඩි නිසාවෙන් එවැනි චරිතයකට තමන්ව සම්බන්ධ කර ගැනීමට ‘මාවල්’ චිත්රපට සමාගම මදිකමක් දක්වන බවද පවසා තිබේ.