ක්‍රියාදාම හොලිවුඩ් නළු බෘස් විලිස් රංගනයට සමුදෙයි
Aphasia රෝගය හේතුවෙන් සුපිරි හොලිවුඩ් සිනමා නළු බෘස් විලීස‍් රංගනයට සමුදුන් පුවතක් හොලිවුඩයෙන් වාර්තා වෙයි. මීට සති කිහිපයකට පෙර කරන ලද වෛද්‍ය පරික්ෂණවල ප්‍රතිපල මේ වනවිට ලැබි ඇති අතර, විල්ස්ගේ පවුලේ සාමාජිකයන් සඳහන් කරන්නේ ඔහු මේ වනවිට රෝගබාධා කිහිපයකින්ම පෙළෙන බවය.
67 වැනි වියෙහි පසුවන බෘස් විල්ස්ගේ ක්‍රියාදාම චිත්‍රපට ත්‍රිත්වයක් මේ වසරේ ප්‍රදර්ශනය වීමට නියමිත අතර, තවත් බාරගත් චිත්‍රපටය කිහිපයක වැඩි අවසන් නොමැති බව සඳහන් වෙයි. තුන්වතාවක් විවාහ වූ බෘස් විලිස් මේ වනවිට සිය දරුවන් සමග සිටින බව සඳහන් වෙයි.