කරන් ජෝහර්ගේ චිත්‍රපටයකට කාලේකට පස්සේ එකතු වුණ කාජල්
චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් මෙන්ම නිෂ්පාදකවරයෙක් ලෙසද ජනප්‍රිය කරන් ජෝහර්ගේ චිත්‍රපටයක සම්බන්ධ වීමට මේ වනවිට කාජල්ට අවස්ථාව ලැබි තිබේ. ඒ කරන් විසින් සායිෆ් අලී ඛාන්ගේ පුත් ඒබ්‍රහිම් අලි ඛාන් බොලිවුඩයට හඳුන්වා දෙන චිත්‍රපටයේය.
මෙය සුන්දර ආදර කතාවක් පදනම් කරගෙන නිර්මාණය වන්නක් වන අතර, කාජල් ඒබ්‍රහිම්ට අමතරව දකුණු ඉන්දීය මලයාලම් සිනමාවේ ජනප්‍රිය තරුවක් වන ප්‍රිත්විරාජ් සුකුමාරන්ද මීට දායකව සිටින බව සඳහන් වෙයි.