කාර්තික්ගේ අලුත්ම චිත්රපටය අන්තර්ජාලයට නිකුත් කරලා
අනිස් බස්මි අධ්යක්ෂණය කරනු ලැබූ බූල් භාලියා දෙවැනි චිත්රපටය මීට දින කිහිපයනට පෙර සිනමා ශාලා හරහා ප්රදර්ශනය ආරම්භ විය. කෙසේ වෙතත්, මෙම චිත්රපටයේ ගුණත්මක බවන් ඉහළ පිටපතක් මේ වනවිට කිසියම් පුද්ගලයෙකු විසින් අන්තර්ජාලය තුළ ප්රසිද්ධ කර තිබෙන බව සඳහන් වෙයි.
මෑතකදී ඉහළ නිෂ්පාදන පිරිවැයක් යොදා නිර්මාණය කළ චිත්රපට රැසක් මෙසේ හොර රහසේ අන්තර්ජාලයට මුදහැර තිබිමේ අවස්ථා රැසක් වාර්තා වි තිබුණි. ආක්ෂේ කුමාර්ගේ අතිරංගි, අජේගේ රන්වෙයි 34 මෙන්ම කංගනාගේ ඩකාඩ් චිත්රපටද මෙසේ තිරගත වී දින කිහිපයකින් හොර රහසේ අන්තර්ජාලය තුළට යම් පුද්ගලයෙකු විසින් නිකුත් කර තිබෙනු දක්නට ලැබුණි.