ක්‍රිකට් වලින් සමුගත් හර්බජාන් ඊළඟට කරන වැඩේ
වසර කිහිපයක් තිස්සේ ඉන්දීය ජාතික කණ්ඩායමේ ස්ථානයක් අහිමිව සිටින හර්බජාන් සිං මීට දින කිහිපයකට පෙර දේශිය මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන්ද සමුගනු ලැබිය. පසුගිය වසරේ ‘ෆෙන්ඩ්ශිප්’ දමිල චිත්‍රපටය හරහා දකුණු ඉන්දිය සිනමාවට පිවිසි ඔහු මේ වනවිටත් සිනමා හා ටෙලි නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වී සිටින බවට තොරතුරු වාර්තා වෙයි.
හර්බජාන්ගේ බිරිඳ සිනමා නිළි ගීතා බසාර් පවසන්නේ තම සැමියා ක්‍රිකට්වලට සමුදුන්නද ඉදිරියට රංගන ශිල්පියෙකු ලෙස මිනිසුන්ගේ ආදරය දිනගනු ඇති බවය. දැනටමත් ඔහුට ‘ෆෙන්ඩ්ශිප්’ දමිල චිත්‍රපටය හරහා යම් ප්‍රේක්ෂක ප්රමාණයකගේ ආදරය දිනාගන්නටද හැකි වි තිබෙන බවද ඇය වැඩිදුරටත් පවසා තිබුණි.