කියාරාගේ විවාහ මංගල්‍යය ලබන වසරේ අප්‍රේල් මාසයේදී
බොලිවුඩයේ ජනප්‍රියතම නිළියක් බවට වර්තමානයේ පත්ව සිටින කියාරා ආද්වනිගේ විවාහ මංගල්‍යය ලබන වසරේ අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත බව සඳහන් වෙයි. කියාරාගේ වර්තමාන පෙම්වතා වන්නේ සිනමා නළු සිද්ධාර්ත් මල්හෝත්රාය.
කියාරා සිය විවාහය අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිතව ඇති බවට පවසා ඇත්තේ කරන් ජෝහර් විසින් ඉදිරිපත් කරන ‘කොෆි විත් කරන්’ වැඩසටහනට එකතු වෙමිනි. මෙම වැඩසටහන සඳහා කියාරා, ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ෂාහිඩ් කපූර් සමගින් එක්වූ අතර, ඔහුගේ ප්‍රශ්න කිරිමක් මත කියාරා සිය විවාහය ප්‍රසිද්ධ කර ඇත.