කියාරා, සිද්ධාර්ත් විවාහයේ බරපැණ දරන්නේ කරන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළුනිළි යුවළක් වන කියාරා අද්වානි හා සිද්ධාර්ත් මල්හෝත්‍රා අතර ඇති ප්‍රේම සම්බන්ධය විවාහයකට පෙරළෙන බවට කාලයක් තිස්සේ විවිධ කට කතා පළ කර තිබුණි. කෙසේ වෙතත්, මීට දින කිහිපයකට පෙර කියාරා අද්වානි නිල වශයෙන් තමන් හා සිද්ධාර්ත් අතර විවාහය පෙබරවාරි මස 4 වැනිද සිට 6 වැනිදා දක්වා පැවැත්වෙන බව පවසා ඇත.

මෙම විවාහයේ සියලු බරපැණ චිත්‍රපට නිෂ්පාදක කරන් ජෝහර් ගෙන් වීම විශේෂත්වයකි. එයට හේතුව කරනගේ සිනමා පටයක් වූ ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් හරහා සිද්ධාර්ත් මල්හෝත්‍රා සිනමාවට පිවිසිමය. ඒ අතර විවාහය පැවැත්වෙන දින තුනක කාලය තුළ සිද්ධාර්ත් හා කියාරා අඳින පළඳින සියලු දෑ ප්‍රකට මෝස්තර නිර්මාණකරු මනිෂ් මල්හෝත්‍රා විසින් ලබා දෙන්නට කටයුතු කර ඇත. එයට හේතුව වී ඇත්තේ මනිෂ් විසින් කියාරා සිනමා ලෝකයට අඳුන්වා දීමේ වෙනුවෙන් බව සඳහන් වෙයි.