කිම්, පීට් ආදර කතාවට අකුල් හෙළන කන්යා වෙස්ට්
මේ වනවිට කිම් කාර්ඩෂියන් වෙන්ව සිටින ඇමෙරිකනු රැප් ගායක කන්යා වෙස්ට්, සිය හිටපු බිරිඳ කිම් හා පීට් ඩේව්ඩ්සන් අතර පවත්වන ප්‍රේම සම්බන්ධයට දැඩි ලෙස විරුද්ධව සිටින බව සඳහන් වෙයි. මීට මාස හයකට පෙර කිම් හා කන්යා දෙදෙනා නීතියෙන් දික්කසාද විය.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී කිම් හා පීට් අතර ප්‍රේම සම්බන්ධය ආරම්භ වූ අතර, මේ වනවිට ඔවුන් දෙදෙනා එකම නිවසේ ගත කරමින් සිටින බව සඳහන් වෙයි. කන්යා විසින් මෙම ප්‍රේම සම්බන්ධයට දැඩි ලෙස විරුද්ධ වීම හරහා කිම් හා පීට් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවධානයද යොමුව ඇත.