කිම් කාර්ඩයිෂන්ගේ සෙක්ස් ටේප් කතාව ආයෙත්
නිරන්තරයෙන්ම කතා බහට ලක්වන කලා තරුවක් වන කිම් කාර්ඩයිෂන් පසුගිය කාලයේ ලොවපුරා කතාබහට ලක්වූයේ වසර කිහිපයක් තිස්සේ සිය සැමියා ලෙස කටයුතු කළ ඇමෙරිකානු පොප් ගායක කන්යා වෙස්ට්ගෙන් දික්කසාද වීමය. එමෙන්ම ඇය මේ වනවිට යළිත් වතාවක් පෙම්වතියක්ව සිටින බවට ද තොරතුරු වාර්තා වෙයි.
කෙසේ වෙතත්, ඇයගේ හිටපු පෙම්වතෙක් වන රේයි ජේ සමගින් කළ කාමුක විඩියෝපටය නිසා මේ දිනවල නැවත වරක් කිම් කාර්ඩයිෂන් ලොවපුරා කතාබහට ලක්ව තිබේ. එය අන්තර්ජාලයට නිකුත් කළ තැරැව්කරුවා පවසන්නේ මෙම කාමුක විඩියෝව නිසා ඇය ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක මුදලක් උපයාගත් බවය.