කබලෙන් ලිපට වැටුණ ‘ඇකුවමැන්’ නිළිය ඇම්බර් හාර්ඩි
‘පයිරේට්ස් ඔෆ් ද කැරබියන්’ සිනමා තරුව ජොනි ඩෙෆ් සමගින් විවාහ වී සිටි සිනමා නිළි ඇම්බර් හාර්ඩි යළිත් වරක් අමාරුවේ වැටි ඇති පුවතක් හොලිවුඩයෙන් වාර්තා වෙයි. ඒ ජොනි ඩෙෆ්ගේ කිර්ති නාමයට හානියක් සිදු කළ බවට ඩෙෆ්ගේ නිතිඥයින් විසින් ඇම්බර්ට එරෙහිව නඩු පවරා තිබීම හේතුවෙනි.
ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ ඒ වෙනුවෙන් ඇම්බර්ට ඩොලර් මිලියන 10.35ක මුදලක් වන්දි වශයෙන් ගෙවිමට කටයුතු කරන ලෙසය. මේ වනවිට වර්ජිනියාවේ ෆෙයර්ෆැක්ස් ප්රාන්තයේ ජුරී සභාවක් විසින් ජොනි ඩෙෆ් අපකිර්තියට ලක් කළ නිසාවෙන් ඔහුගේ හිටපු බිරිඳ ඇම්බර්ට මෙම දඩය ගෙවන ලෙස නියෝග කරද ඇත.