‘කබි කුෂි කබී ගම්’ ගැන කරන් ජෝහර් කිව්ව කතාව
2001 වසරේ ප්රදර්ශනය වූ ‘කබි කුෂි කබ් ගම්’ චිත්රපටය පිළිබඳව එම චිත්රපටය නිෂ්පාදනය කර අධ්යක්ෂණය කළ කරන් ජෝහර් මීට දින කිහිපයකට පෙර කතා බහ කර තිබුණි. ඒ ජනප්රිය ඉන්දීය සැටලයිට් නාළිකාව විකාශය වන 'My Movie Life' සජීවී වැඩසටහන සමග එක් වෙමිනි.
කරන් ජෝහර් පවසන්නේ ‘කබි කුෂි කබී ගම්’ චිත්රපටය මිල කළ නොහැකි චිත්රපටයක් බවය. එමෙන්ම එවැනි චිත්රපටයක් අද නිර්මාණය කළ නොහැකි අතර, එවැනි චිත්රපටයක් යළි නිර්මාණය කළහොත් එය ආදායම් වාර්තා සියල්ල බිඳ දමන චිත්රපටයක් වනු ඇති බවය.