කුප්‍රකට ව්‍යාපාරිකයා නිසා ජැකලින්ට යන එන මං නැතිවෙයි
බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නෑන්ඩ්ස් ගැන පසුගිය සති කිහිපයේ විශාල ආන්දෝලනයක් ඇති වුණා ඔබට මතක ඇති. ඒ, ඇය කුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන සුකේෂ් චන්ද්‍රෙස්කර් සමඟ සම්බන්ධව ඇති බව කියමින්.
මේ හේතුව නිසාම ඇගෙන් බලධාරින් ප්‍රශ්න කරන්නට පටන් ගත් අතර, ඇය එහිදී හෙළි කර තිබුණේ, සුකේෂ් ව්‍යාජ නාමයකින් සහ රජයේ දැවැන්තයෙකු බව අඟවමින් තමන්ට සමීප වූ බවයි.
ඔහුගෙන් ලද ත්‍යාග ආපසු දුන් බවත් ඇය නිලධාරින් හමුවේ අනාවරණය කර තිබුණා.
කෙසේ වෙතත්, බොලිවුඩයේ අලුත්ම ආරංචි මාර්ග සඳහන් කරන්නෙ, දැන් ජැකලින්ට බොහෝ චිත්‍රපට අහිමි වෙමින් පවතින බවයි.
ඔවුන් මේ වග කියන්නට ප්‍රධානම හේතුව වන්නේ, තිරගත වීමට නියමිතව ඇති චිත්‍රපටයකින් ඇය ඉවත් කළා කියන පුවතක් අන්තර්ජාලයේ පැතිර යාම.
තෙළිඟු සිනමාවේ ජනප්‍රිය නළු පවන් කල්යාන් රංගනයෙන් දායක වන චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස ජැකලින් තෝරා ගෙන තිබුණත්, මෙම සිදුවීමත් සමඟම ඇයව ඉන් ඉවත් කර ඇති බවටයි ආරංචිය පැතිර ගියේ.
කෙසේ වෙතත්, අදාළ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.
ඔහු පවසන්නේ, චිත්‍රපටයෙන් ජැකලින් ඉවත් වුණේ වසරකට පමණ පෙරදී බවයි.
“එයාට දිනවල ගැටලුවක් තිබුණා. ඉවත් වුණේ පසුගිය වසරේ.. ජැකලින් ගැන පුවත් මැවෙන වෙලාවක මාධ්‍ය අනවශ්‍ය විදිහට මේ දේ ඉස්මතු කරන්නේ. මම නැවතත් කියන්නේ මේක බොරු පුවතක්. වසරකට පෙර වුණු දෙයක් නැවත එළියට අදින්න එපා... එහෙම දෙයක් සිද්ධ වෙලා නෑ..“ යැයි අධ්‍යක්ෂකවරයා සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, ජැකලින් ගැන අසත්‍ය ප්‍රචාර, ප්රවෘත්ති ගණනාවක්ම මේ වන විට ඉන්දියාව පුරා සැරිසරන බව රහසක් නෙවෙයි.
ඒ අතරින් එක් ව්‍යාජ පුවතක් වූයේ සල්මන් ද ඇය සමඟ අමනාපයෙන් ඉන්නවා කියන ප්‍රවෘත්තිය.
කෙසේ වෙතත්, මේවායේ සත්‍යතාවයක් නැති බවයි ප්‍රධාන පෙළේ මාධ්‍ය කිහිපයක්ම වාර්තා කළේ.
එසේ වුවද, ඇගේ ප්‍රතිරූපයට, සුකේෂ් නිසා බරපතල හානියක් සිදුවූවා කියන කාරණාව රහසක් නොවේ.
ඇගේ ඇතැම් රසිකයින් ඇයට දෝෂාරෝපණය කළ තිබූ අතර, ඇය පසුගිය දින කිහිපයේ අලුත් චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටයක් ඇරුණුකොට අන් කිසිවක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණේ නැහැ.
By Lakshan
විදෙස් මාධ්‍ය