කපූර් පවුලේ වැඩිම අවධානය යොමු වුයේ කාටද
රන්බිර් කපූර් හා ආලියා භාට්ගේ විවාහයට පවුලේ සාමාජිකයන්ට පමණක් සිමාවූවද කපූර් හා භාට් පවුලේ සිනමා තරු බොහෝමයක් මෙම විවාහ මංගල්‍යයට සහභාගි වි සිටිනු දක්නට ලැබුණි. ඒ අතරින් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුයේ සායිෆ් හා කරිනා යුවළගේ පවුල වෙතය.
මෙම විවාහ මංගල්‍යයට සායිෆ්, කරිනාට අමතරව ඔවුන්ගේ දරුවන් වූ තයිමුර් හා ජේයි දෙදෙනාද එක්ව සිටියහ. ඔවුන්ට අමතරව පූජා භාට්, කරිෂ්මා කපූර්, එම්රන් හෂිම්, අනිල් කපූර්, උදිතා ගොස්වාමි, අදිත්‍ය කපූර් වැනි නළුනිළියන් හා ඔවුන්ගේ පවුලේ අයද මිට සහභාගි වි සිටියහ.