කැප්ටන් ඇමෙරිකාට පණ පෙවූ ක්‍රිස් ලොව සරාගිතම පිරිමියා වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අදටද බොහෝ පිරිසක් කැප්ටන් ඇමෙරිකා ලෙස ආදරය කරන හොලිවුඩ් සිනමා නළු ක්‍රිස් එවන්ස් ලෝක ප්‍රසිද්ධ පිපල්ස් සඟරාව විසින් ලොව සරාගිතම පුද්ගලය ලෙස නම් කර තිබේ. 41 වැනි වියෙහි පසුවන ක්‍රිස් මේ වසරේ රුසෝ බ්‍රදර්ස්ගේ, ද ග්‍රේ මෑන් චිත්‍රපටයේ දක්නටද ලැබුණි.

තමන් ලොව සරාගිතම පුද්ගලයා ලෙස නම් කිරිම සතුටක් බව පවසන ක්‍රිස් තමන්ට වඩා තම මව මේ සම්බන්ධයෙන් ඉහළම සතුටින් බව ඔහු පවසා තිබේ. කෙසේ වෙතත්, තමන් ලොව සරාගිතම පුද්ගලයා වීම තම මිතුරන්ට නම් එතරම් වැදගත් එකක් නොවනු ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.