කැප්ටන් ඇමෙරිකා හතරවැන්න හැදෙයි - කැප්ටන් ඇමෙරිකා චරිතයෙත් වෙනසක්
ඉහළ ආදායමක් උපයාගත් ‘මාවල්’ චිත්‍රපටයක් වන ‘කැප්ටන් ඇමෙරිකා’ චිත්‍රපට මාලාවේ සිවුවැන්න මේ වන විට නිර්මාණය කරන්නට සැළසුම් කර තිබෙන බව වාර්තා වෙයි. මෙම චිත්‍රපටයේ කැප්ටන් ඇමෙරිකා ලෙස පෙනී සිටින්නේ ජනප්‍රිය හොලිවුඩ් සිනමා නළු ඇන්තෝනියෝ මැකිය. මීට පෙර ‘මාවල්’ චිත්‍රපට පහක ඔහු නිරූපණය කරනු ලැබුවේ ‘ෆැල්කන්’ හෙවත් ‘සැම්’ යන චරිතයයි.
කෙසේ වෙතත්, ‘මාවල්’ සමගම විසින් නිකුත් කළ ‘ද ෆැල්කන් ඇන්ඩ් වින්ටර් සෝල්ජර්’ ටෙලි නාට්‍ය මාලාවේ ‘ෆැල්කන්’ චරිතයෙන් ඉවත්ව ‘කැප්ටන් ඇමෙරිකා’ බවට පත් විය. ඒ නිසාම ‘මාවල්’ චිත්‍රපට සමාගම මෙවර නිර්මාණය කරන්නට බලාපෙරොත්තු වෙන ‘කැප්ටන් ඇමෙරිකා’ සිවුවැන්නේ ප්‍රධාන චරිතය ඇන්තෝනියෝට ලබාදී ඇත. මෙම අලුත්ම චිත්‍රපටයේ තිර කතාව මේ වනවිට ඩාලන් මුසෙම් හා මැල්කම් ස්පෙලිමන් දෙදෙනා ලියා අවසන් කොට තිබේ.