කාන්තාවකට හිරිහැර කිරිම හේතුවෙන් මේජර්ස් අත්අඩංගුවට

  • 24-04-2023
  • Views 50

ඇන්ට් මැන් ඇන්ඩ් ද වාස්ප් - ක්වන්ටම්නියා චිත්‍රපටයේ කාංග් අධිරාජ්‍යයාගේ චරිතයට පණ පොවන ජොනතන් මේජර්ස් මීට දින කිහිපයකට පෙර ඇමෙරිකාවේ නිව්යෝර්ක් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කාන්තාවකගේ ගෙළ සිර කිරිම, පහරදීම හා හිරිහැර කිරිමේ යන චෝදනා මතය. 30 වැනි වියෙහි පසුවන මේජර්ස් වෙනුවෙන් මේ වනවිට නිතිඥයින් කිහිප දෙනෙකු පෙනී සිටින අතර, ඔවුන් මාධ්‍යයට පවසා ඇත්තේ වැරදිකරුවන් බව ඔප්පු වන තුරු සිය සේවාදායකයා නිර්දෝෂී අයෙක් බවය.