කනිකා කපූර්ගේ දෙවැනි විවාහය මැයි මාසේදී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට රාශියක පසුබිම් ගීත ගායනා කළ කනිකා කපූර් මේ වනවිට සිය දෙවැනි විවාහයට සුදානම් වන බවට තොරතුරු ලැබේ. ඇයගේ අතගැනිමට සූදානම් වන්නේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ ගෞතම් බව සඳහන් වෙයි. ඔහු මේ වනවිට ලන්ඩනයේ පදිංචිව සිටියි.

44 වැනි වියෙහි පසුවන කනිකා 1998 වසරේදී ව්‍යාපාරිකයෙකු වන රාජ් චන්දොක් සමගින් විවහ වූ අතර, එම විවාහය 2012 වසරේදී බිඳ වැටි ඇත. කනිනා හා ගෞතම් දෙදෙනාගේ විවාහය එළැබෙන මැයි මාසයේදී ජන්දිගර් හි සිදුවීමට නියමිතව ඇත.