කත්රිනා කායිෆ් මාල දිවයින සංචාරය
තමා බොහෝ සතුටින් ඉන්නා අවස්ථාවන් රසිකයන් සමඟ බෙදාහදා ගන්නට කැමැත්ත දක්වන නිසාම කත්රිනා බොහෝ විට සිය සමාජ ජාලා වෙබ් අඩවි වල පළ කරන්නේ සුන්දර ඡායාරූපය. මේ මෑතකදී ඇය මාල දිවයිනේ මුහුදු තීරයේදී ගන්නා ලද අපූරු ඡායාරූප පෙළක් පළ කර තිබිණි. ඒවායේ ඇය සිටින්නේ ලෝකයම ජය ගත් කලෙක මෙන් ප්‍රිතිමත්ව සිනාසෙමිනි. ඇගේ කොණ්ඩය මුහුදු සුළඟට විසිර යමින් තිබේ. ඇය හැඳ සිටින්නේ මුද්‍රිත කමිසයක් සහ මල් විසිරුණු කොට කලිසමකි. එම ඡායාරූප දෙස බලා සිටින අයගේත් සිත ප්‍රබෝධමත් වන්නේ ඒ සිනාවටය.
“විනෝදමත් තැනක්..” ඇය ඡායාරූප පෙළට යොදා තිබිණි.
විකී කෞශාල් සහ විවාහයෙන් පසුව ඔවුන් මධු සමය ගත කරන්නට ගියේ මාල දිවයිනටය. ඉනික්බිතිව ඇය නැවතත් එහි ගියේ රූගත කිරීමක් සඳහාය. එය නිමා වූ පසුව ඇය ගියේ මධ්‍ය ප්‍රදේශ් වෙතය. එහි මේ දිනවල විකී සහ සාරා අලි ඛාන් රඟ පාන අලුත්ම චිත්‍රපටියේ රූගත කිරීම් සිදු කෙරෙන්නේය.
ටයිගර් 3 චිත්‍රපටියේ ද, ෆෝන් භූත් චිත්‍රපටියේ ද රඟ පාන කත්රිනා, විජේ සේතුපති සමඟ රඟ පාන හැපී ක්‍රිස්මස් චිත්‍රපටියේ වැඩ කටයුතු ද ඉක්මනින්ම ආරම්භ වීමට නියමිතය. එය 2022 නත්තල් සමයේදී තිරගත වෙනවා ඇත.