කටකතාවලින් ප්‍රියංකා රැක ගන්න අම්මා ඇවිත්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රියංකා චොප්රා ඇගේ සැමියාගෙන් වෙන් වෙන්නට තීරණය කර ඇති බවට කටකතාවලට  පසුගිය දිනවල තටු ලැබී තිබිණි. මේ කටකතා ඇරඹුණේ ප්‍රියංකා සිය සමාජ ජාලා වෙබ් අඩවිවල තොරතුරු පළ කිරීමේදි ඇගේ ජෝනාස් වාසගම අත් හැර දමා තිබීම නිසාය. එහෙත් මේවා එහෙම පිටින්ම බොරු තොරතුරු බැව් ප්‍රියංකාගේ මව මධු චොප්රා අවධාරණය කර තිබිණි. මේවා පතුරුවා හැරීමෙන් වැළකී සිටින ලෙස ද ඇය ඉල්ලා සිටියාය. 

නික් ජෝනාස් සහ ප්‍රියංකා චොප්රා පසුගිය දිනවල ඔවුන්ගේ පළමු වෙනි නිවසේ පදිංචියට ගියහ. එය ඇත්තේ ලොස් ඇන්ජලීස්වලය. ඔවුන් දිවාලි උත්සවය සැමරුවේ ද එම නව නිවසේ සිටය. ඇය එම අවස්ථාවේ ඡායාරූප ද අන්තර්ජාලයේ පළ කර තිබිණි. එහෙත් ඇය ජෝනාස් වාසගම ඉවත් කළේ මන්දැයි කුතුහලය සියලු රසිකයන්ගේ සිත්වල ඇතිවා නොඅනුමානය.  
ඔවුන් දෙදෙනා විවාහ වූයේ 2018 දෙසැම්බර් 1 දාය.