කේට් වින්ස්ලට් නැවතත් අනතුරකට මුහුණ දෙයි
මාස කිහිපයක් තිස්සේ ආබාධයකට ලක්ව සිටි ඔස්කා සම්මානලාභි හොලිවුඩ් සිනමා නිළි කේට් වින්ස්ලට් නැවත වරක් අනතුරකට මුහුණ දී ඇත. ඒ ක්‍රොඒෂියාවේ චිත්‍රපට රූපගත කිරිමක් අතරතුරදීය. කුපාරි ගම්මානයේ කේට්ගේ අලුත්ම චිත්‍රපටය වූ 'ලී' චිත්‍රපටයේ රූපගත කිරිමක් අතරතුරදී ඇය මෙසේ අනතුරකට ලක්ව තිබේ.
46 වැනි වියෙහි පසුවන සුරූපි කේට් ක්‍රොඒෂියාවේ පිහිටි ප්‍රධාන පෞද්ගලික රෝහලක් වෙත පැමිණෙන ඡායරූපයක් එරට මාධ්‍යය විසින් ප්‍රසිද්ධ කර තිබේ. කෙසේ වෙතත්, ලැබෙන තොරතුරුවලට අනුව මෙම අනතුරින් කේට් වින්ස්ලට්ට බරපතල තුවාල හෝ ආබාධයක් හටගෙන නොමැති බවය.